අනීවාර​තේ

කවියෙන් ඊ-මේල් ගහමු

ආදරණීය මැතිඳුනි මා මැනේජර
කරදරයක්ය සිදුවන අප හට  නිතර
මීයෙක් සිටී  දිගනම් මෙතරම් විතර
වනසයි බඩු ,ඉඳ ගබඩා රැක් අතර

හායි ඩියර් යුව’ ඉෂූ වෙල් නෝටඩ්
කමින් කලර් විත් මීයා නොට් දැට් ගුඩ්
අවර් ප්‍රයෝරිටි ශුඩ් බී ගෙට් රිඩ්
ඔෆ් දිස් රැට් ඩූ යූ ගෙට් වට් අයි සෙඩ්?

එහෙයි මැතිඳ පිළිගමි ඔබගේ ඔවදන්
කැපවෙමි මා එඩි බල පා ඒ වෙනුවෙන්
කළ යුතු වේ මුල මැද අග හොඳ ප්ලෑනින්
කයින්ඩ්ලි යූ  හැස් බීන් රික්වෙස්ටඩ් ටු ඉන්ෆොර්ම්ඩ්
ප්ලීස් කැන් අයි හෙල්ප් ඉන්ෆොර්ම්ඩ් සීනියර් මැනේජර්ස්
හෙල්ප් !  හෙල්ප් ! 
දැනුවත් කරනු මැන, අප ලොකු නිලදරුවන්

අ‍යැම් ඩුයින් ඉට් විතවුට් හෙසි ටේශන්
ඩියර් ඕල් ෆෝ යුව ඉන්ෆෝ මේශන්

ෆුල් ෆැතොම් විෂ් යූ ඇට්‍රිබියුලස්
ෆදර් ග්‍රෙග් රස්ට් ෆස්ට් රැට් ප්‍රිස්
ලෙට් මී බ්‍රික් ක්‍රෙග්ලින්ට් දැට්වික්ස්
හව්වයිවන්ඩර්වට්ටූආ ඉන්දස්

(මොකක්ද යකෝ ඒ කිවුවෙ ?)
ඔකේ බොස් යුව’ කමෙන්ට් වෙල් නෝටඩ්
වී විල් ඩූ එක්සෑග්ලි වට් යූ සෙඩ්

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?

පාසානම්ද මී උගුලද හොඳ මොකද?
පහදා දෙනු මැනවි අපහට QC මැතිඳ

මීයා අයිති වන්නේ ගණයට රැට්ටස්
දිගනම් වැඩියි දොළහට සෙන්ටිද මීටර්ස්
ඕෆන් ලිවින් ක්ලෝස් ටු අස් ඉන් හවුසස්
බ..

මානව සම්පතෙහි සුවසේ මා වැඩ ඉන්නේ
කෙලෙසද මී කේස් මා හට කොපි වන්නේ

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?

මී පාසනම්ද මී කතුරුද හරි වියදම්
හොඳම වැඩේ අපි පූසෙක් දැම්මානම්

වෙරි ගුඩ් ඔප්ශන් අයි ඇග්‍රී ටෝටලී
ගෙට් වන් කැට්, ඔන් කන්ට්‍රැක්ට් කුවික්ලී

නැත නැත එයින් සැම තැන විසිරේ ලෝම
බල්ලෙක් ගෙන ඒම වෙයි විසඳුම හොඳම

මැතිඳුනි නමුත් මීයන් ඇල්ලීමට පූසා
මිස බල්ලා සමතෙක්යැයි නොමැත අසා

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?

ආකල්පය නිසයි සැම යන්නේ වෙත දියුණු
බල්ලෙක් ගෙනත් දෙමු අපි උට හොඳ පුහුණු

එනමුදු මැතිද මී පාසානම් ගෙන ඇ……

වට් අයි ජස්ට් සෙඩ් ඩෝන්ට් යු ගෙට්?

වෙක්ටර් විශස් ඔෆ් ෆ්‍රැන්ටන් ග්‍රෙශස්
ජැකැන්ජිල්වෙන්ටප්ද හිල් පෙග්නස්

_________________________________

මැතිඳුනි අවසරයි ගැන කීමට මීයා
තවමත් සිටී ඌ රැක්වල සුවසේයා

එක්වර පැනන් මීයා අරගෙන අල්ලා
ගනු මිස කුමක් කරනෙද අවලං බල්ලා?

මැතිඳුණි පුහුණු කළමුත් බල්ලව යහමින්
උනන්දුවක් නැත එතරම් ගැන මීයන්

එක්ස්කියුසස් තමයි අපහට ඕනෙම නැත්තේ
බල්ලගෙ මැනේජර ලෙස ඔබ වගකිව යුත්තේ

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?

ලුක්ස් ලයික් බල්ලා සෝ වීක්ලී
නව් ගිව් හිම් ෆස්ට් වෝනින් ව’බලි

මැතිඳුනි ඇමතුවෙමි මම දැන් බල්ලාට
වල්ගය වනා ඌ බව් බව් ගෑය මට

බව් බ්ව් බව් බව්ව බවව් බව් වව් වා

ඩියර් ඕල් ගොට් අයිඩිය ඉනො-වේටිව්
වට් ඉෆ් වී සෙට් දිස් මෝ කොම්-පෙටිටිව්
වී විල් පුට් සෙකන්ඩ් ඩෝග් වෙරි-ඇක්ටිව්
දෙන් ද ප්‍රොසෙස් සුවර්ලි බී ප්‍රො-ඩක්ටිව්

එක්සාලන්ට් දැට් ඔප්ශන්, ගුඩ් තින්කින්
පුට් වන් මෝ  ලේඩි ඩෝග් ටුද බිල්ඩින්

බල්ලන් දෙදෙනෙකු යෙදුම්…….

ශට් අප්

________________________________

මැතිඳුනි බොහෝ කල් ගෙවුනද මීයාට
ඌ සුවසේය, දැන් බැල්ලී ප්‍රෙග්නන්ට්ය

දැට් ඩස් නොට් කම් අන්ඩර් හිස් ජේඩී (JD – job description )
සෝ ද පපීස් විල් නොට් ගෙට් කිසිම පඩී

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?
_______________________________________

සුබම සුබයි ආරංචිය දැන් ලැබුනී
මැතිඳුනි මීය අද දිනයේදී නැසුණි

හව් හව්?
වාආආව් ගුඩ් නිවුස්
ග්‍රෙස්ට්ගොබැලොකෝනෙශන්
එක්සලනට්, බට් හව්?

අද දින බල්ල නට නට යන විට  ඇතුළේ
ඇඟේ වැදී පෙරළුනි පෙට්‍රල් බැරලේ
කරන්ට් නැති නිසා දැල්වූ ඉටි දැල්ලේ
රස්නය ගිනි තැබී මීයා උන් වහලේ

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?

වෙරි වෙරි ගුඩ් බල්ලා ඩිඩ් එක්සලනට්
හූ එව’ සජෙස්ටඩ් ඉට්, ගෙට් ඉන්ක්‍රිමන්ට්

මී මී
මං මං යස්
ඉට්ස් මී අගේන් සර්….

මැතිඳුනි කුමක් කරමුද අප බිල්ඩිමට?

ඇයි මොකෝ?
වට් හැපන්ට්ඩ් ?

ඉස්ටෝරුවෙ දැන් කිසිවක් නැත ඉතිරී
බල්ලා ගෙනා ගිනි හැමතැන යයි පැතිරී
ස්ටෝරුවෙන් ඇරඹී ඔෆිසියට හැරී
ගිනි දළු නැගේ දැන් දසදෙස දුමින් පිරී

හව් කුඩ් යූ ලෙට් අ ෆයර් එන්ටර් ඉන්?
දිස් ඉස් නොට් වට් වී ආ එක්ස්-පෙක්ටින්

අ.බබ….සර්.. බල්ලා…බ
වෙරි ඩිසපොයින්ටින්ග්
ඕ මා ගෝඩ්…
ක්‍රෙග්ලඩින්ටේශන් මැක්සිමිලියන් ග්‍රෙග්

වෙන් කැන් අයි ගෙට් අ රිපොට්?


Posted

in

by

Tags:

Comments

7 responses to “කවියෙන් ඊ-මේල් ගහමු”

  1.  Avatar

    අනීවාරතේ පෝස්ට් එකක් තියනවා දැකලා දත කට ලෙව කකා ආවේ.. ආයෙත් අහලා.. කණේ වැලි…

  2.  Avatar

    නතින් ටු සේ ගැටයෝ හැම ඔෆීසියකරනා ප්‍රොජෙක්ට් එක්සෑක්ට්ලි මෙසේ විය

  3.  Avatar

    ඔහෝම ඉතින් කී වතාවක්නම් ආව ගියාද නේහ්?ස්තූතියි මචන් !

  4.  Avatar

    හැම එකාම එකට තබා තදට බැඳපැතිරී එන අර ගින්නට දාමු ඇද

  5.  Avatar

    නැතුව නැතුව…ජීවිතය යනු වෙනකක් නොව යාම සහ ඊම්ය..ඉක්මනට ගියොත්, ඉක්මනට එන්න පුළුවන්ය..ලාවට මතකයි ඔය වගේ කතාවක් තිබුනා “මම නොවේ මම” ටෙලියේ…

  6.  Avatar

    ඔව් ඔව් ඉක්මන්ට එහෙට මෙහෙට දුවන උන් තමා වැඩි හරියක් පේන්න ඉන්නෙත්

  7.  Avatar

    යකෝ ඒක !!ලියපාාාං !!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *